එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ ශ්‍රී ලංකාව පිළිබඳව සම්මත කළ යෝජනා ක්‍රියාත්මක කිරීම ගැන කාල සටහනක් ඉදිරිපත් කළ යුතු යැයි ඇම්නස්ට් ජාත්‍යන්තර සංවිධානය ඉල්ලා තිබේ.
පසුගිය 2015 ඔක්තෝම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව විසින් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කර තිබුණි. එයට ශ්‍රී ලංකා රජය ද සම අනුග්‍රහය ලබාදී තිබුණි.
කෙසේ නමුත් එම යෝජනාවෙහි සඳහන් වූ නිර්දේශ ක්‍රියාත්මක කර තිබෙනවා ද? යැයි සොයා බැලීමට පොදු කාල සටහනකට අනුව ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ඉල්ලා තිබේ. විශේෂිත කරුණු 25ක් සම්බන්‍ධයෙන් නිර්දේශ ඇතුලත් කර තිබීම විශේෂත්වයකි.