කුඩා දරුවෙකුට මත්පැන් පෙවූ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඔක්කම්පිටිය, දඹේයාය ප්‍රදේශයේදී වයස අවුරුදු 02යි මාස 09ක් වයසැති දරුවෙකුට මත්පැන් පෙවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ දරුවාගේ නැන්දාගේ හිතවතෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත්, දැනට දරුවා මොණරාගල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top