නීති සතිය අද ආරම්භ වේ.

2017 වසරේ ජාතික නීති සතිය අද (27) අැරඹේ. අද සිට ලබන මාර්තු මස 05 වන දින දක්වා එම සතිය ක්‍රියාත්මක වන අතර “යුක්තිය ඔබ වෙත” යන්න තේමාව කර ගනිමින් මෙම නීති සතිය ක්‍රියාත්මක වේ.

මාධ්‍යවේදීන්, බැංකු නිලධාරින්, කලාකරුවන් සහ ගෘහ නිර්මාණ ශිල්පින් වැනි වෘත්තිකයින් නීතිමය කරුණු පිළිබඳ දැනුවත් කිරීම මෙම නීති සතියේ අරමුණ වී තිබේ. 2006 වර්ෂයේ සිට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් වාර්ෂිකව මෙම නීති සතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top