නාමල් රාජපක්‍ෂ අත්අඩංගුවට

Namal Rajapaksha 01පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අද (15) දිනයේ ප‍්‍රශ්න කිරීම සඳහා කැඳවනු ලැබ තිබූ මන්ත‍්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔහුට අයත් සමාගමක් මගින් අයථා ලෙස මුදල් උපයෝගී කරගෙන හෙලෝකෝප් සමාගම් කොටස් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සිදු කෙරෙන විමර්ශණවලට අදාළව ප්‍රශ්ණ කිරීමක් සඳහා මෙලෙස මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා තිබුණි.

රුපියල් කෝටි දොලහමාරකට අධික මුදලක් යොදවා හෙලෝකෝප් සමාගමේ කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top