පන්නීර් සෙල්වම්ට පක්‍ෂපාති මන්ත්‍රීවරුන් ඉන්දිය ජනපතිව හමුවීමට තීරණය කරති..

තමිල්නාඩු හිටපු මහ ඇමැති ඕ. පන්නීර් සෙල්වම් මහතාට සහාය පළ කරන පාර්ලිමෙන්තු මන්ත්‍රීරුවන් ඉන්දිය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතාව හෙට දින හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

එහිදී ජයලලිතාගේ මරණය සම්බන්‍ධයෙන් සි.බි.අයි. පරීක්‍ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා ජනාධිපතිවරයා වෙත පෙත්සමක් භාරදීමට නියමිත බව තමිල්නාඩු පාර්ලිමෙන්තු මන්ත්‍රී ආර්. සුන්දරම් පවසා තිබේ.

තමිල්නාඩුවේ අ.ති.මු.ක. පක්‍ෂය තුළ අභ්‍යන්තර අර්බුදය දිනෙන් දින ඉහළ යමින් සිටින අවස්ථාවක දැඩි විරෝධයක් ඇතැයි පවසා තිබූ නමුත් එට්ටප්පඩි පලනිසාමි ජන්ද විමසීමේදී ජයග්‍රහණය කර මහ ඇමැතිවරයා ලෙස පත්වී තිබුණි. මෙවැනි තත්වයකදී තමිල්නාඩු මහ ඇමැති එට්ටප්පඩි පලනිසාම් අද දින ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top