අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්

උතුරු නැගෙනහිර පැවැති යුද්ධයෙන් අතුරුදන්වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ.

යුද්ධයෙන් අතුරුදන්වූවන් පිළිබඳ  තොරතුරු ලබා දෙන ලෙස රජයට බලකරමින් එම විරෝධතාව පවත්වා තිබෙන අතර, වත්මන් රජය බලයට පත්වීමේදී යුද්ධයෙන් අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු ලබා දෙන බවට ප්‍රකාශ කළ ද බලයට පත් වී වසර 02ක් ගතවී ඇතත් අතුරුදන්වූවන් පිළිබඳ ගැටළුවට මෙතෙක් නිසි විසඳුම් ලබාදී නොමැති බව අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් පවසා තිබේ.

අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරතවීමෙන් අනතුරුව අමෙරිකානු තානාපති කාර්යාලය වෙත අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් විශේෂ සංදේශයක් ද භාරදුන් බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top