මඩකළපුව රැකියා විරහිත උපාධිධාරීන් ජනපති හා අගමැති සමඟ සාකච්ඡා කිරීමට යයි

මඩකලපුව දිස්ත්‍රික් විරැකියා උපාධිධාරීන්ගේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අඟහරුවාදා (28) ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිසුබුල්ලාහ් මහතා පවසයි.

ඉන් පසුව විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අවසාන තීරණය ගන්නා බවද ඒ මහතා පවසා තිබේ. උපාධිධාරීන් 1500කට පමණ පත්වීම් ලබා දෙන්නැයි ඉල්ලා දින හතක් තිස්සේ ඔවුහු මඩකලපුව මහත්මා ගාන්ධි උයන අසල ඔරලෝසු කණුව ඉදිරිපිට විරෝධතාවේ නිරත වෙති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top