සංවර්ධන නිලධාරින්ගේ සංගමය හා නිදහස් උපාධිධාරී සංගමය ජනපති හමු වෙයි

සංවර්ධන නිලධාරින්ගේ සංගමය හා නිදහස් උපාධිධාරී සංගමය ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

උසස්වීම් ලබාගැනීමේදී මතුව ඇති ගැටලු සහ සිය වෘත්තීය ගැටලූ පිළිබඳව මෙම නියෝජිතයින් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ගත හැකි ඉදිරි පියවර පිළිබඳ අදාළ පාර්ශව සමග සාකච්ඡා කරන බව කියා සිටියේය.

එමෙන්ම රට ගොඩනැගීමට වත්මන් රජය කි‍්‍රයාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළට තම දැනුම සහ හැකියාව තුළින් සහය ලබාදීමට තමන් කැමැත්තෙන් සිටින බව ද මෙම සංගම් නියෝජිතයින් වැඩිදුරටත් සඳහන් කළහ.

සංවර්ධන නිළධාරි සංගමයේ සහ නිදහස් උපාධිධාරී සංගමයේ සභාපතිවරු, ලේකම්වරු ඇතුළු නියෝජිතයින් සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top