SRILANKAN NEWS

ඒකාබද්ධ විපක්‍ෂය මහ බැංකු අධිපති හමුවෙයි..

අාන්දෝලනයක තුඩුදුන් මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළ ගැසට් පත‍්‍රයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම සදහන් කිරීමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයින් ඊයේ (27) ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා හමු විය. මෙහිදී මාධය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයට හානි කිරීමේ නින්දිත උත්සාහයක වත්මන් අාණ්ඩුව යෙදී සිටින බවයි.

රාජපක්ෂ මහතා ඉහත බැඳුම්කර නිකුතුවට කිසිදු සම්බන්ධයක් නොමැති බව වත්මන් මහ බැංකු අධිපතිවරයා පවා පිළිගත් බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිය ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නඅාරච්චි, ගාමිණි ලොකුගේ, කුමාර වෙල්ගම, ප්‍රසන්න රණවීර, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අල්තගමගේ යන මහත්ම මහත්මීන් අැතුළු විශාල පිරිසක් සහභාගි විය.