නව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්..

නව අගවිනිසුරු ධුරය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කර ඇති බව වාර්තාවේ.

ව්‍යවස්ථාදායක සභාව ඊයේ (27) රාත්‍රීයේදී කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර නව අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතාගේ නම ඒකමතිකව නිර්දේශ කිරීමට ව්‍යවස්ථාදායක සභාව එහිදී තීරණය කර තිබේ.

ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අනුව ජනාධිපතිවරා විසින් නව අගවිනිසුරුවරයා පත් කිරීමට නියමිත අතර වත්මන් අගවිනිසුරු කේ ශ්‍රිපවන් මහතා අද (28) ධුරයෙන් විශ්‍රාම යාමට නියමිත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top