SRILANKAN NEWS

දෙ.ජා.ස. ප්‍රකාශය හෙලා දකිනවා – අතුරුදන්වූවන්ගේ සංගමයේ ලීලාදේවි

වගවීම සම්බන්‍ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට කල් දිගුවක් ලබා නොදිය යුතුයි, අතුරුදන්වූවන්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කළ යුතු යැයි අප විසින් විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින අවස්ථාවක, කොන්දේසි යටතේ කල් දිගුවක් ලබාදිය යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ නායකයා විසින් නිකුත් කර තිබෙන ප්‍රකාශනයෙන් තමන් දැඩි කම්පාවට හා වේදනාවට පත්වන බව කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ සංගමයේ උප සභාපති ආනන්දරාජා ලීලාදේවි පවසයි.

බලහත්කාරයෙන් අතුරුදන්වූවන්ගේ ඥාතින් වන අපි අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින්නෙමු, අප විරෝධතාවයේ අරමුණ එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය ලවා අතුරුදන්වූවන්ගේ තොරතුරු හෙළි කළ යුතුයි, තවද වගවීම සම්බන්‍ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට කල් දිගුවක් ලබා නොදිය යුතු බවය.

මෙවැනි තත්වයකදී අපි සම්බන්‍ධයෙන් අපගෙන් සාකච්ඡා නොකර දෙමළ ජාතික සන්ධානයේ නායක කොන්දේසි යටතේ කල් දිගුවක් ලබාදිය යුතු බවට ප්‍රකාශයක් කර තිබීම ගැන අපි කම්පාවට පත්ව සිටිනවා. අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින අපිව හමුවී සාකච්ඡා කිරීමට නොහැකි පිරිස අපි ගැන ප්‍රකාශන පමණක් නිකුත් කර තිබෙනවා. ඔවුන්ට මෙතෙක් අපට විසඳුමක් ලබාදීමට නොහැකිවීම හේතුවෙන් අද අප විසින්ම අපගේ ඥාතින් වෙනුවෙන් අරගලයක් ආරම්භ කර තිබෙනවා. මෙවැනි තත්වයකදී අපගෙන් නොවිමසා අප ගැන ප්‍රකාශයක් නිකුත් කර තිබීම කණගාටුදායක කරුණක් බව ලීලාදේවි වැඩිදුරටත් පවසා තිබේ.