නව මැතිවරණ ක්‍රමය ගැන සුළු පක්‍ෂ අතර සාකච්ඡාවක්..

නව මැතිවරණ ක්‍රමය ගැන සුළු පක්‍ෂ අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. දෙමළ පෙරටුගාමී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඊළ මක්කල් ප්‍රජාතන්ත්‍රික පක්‍ෂය සහ සමස්ත ලංකා ජනතා කොංග්‍රසය යන පක්‍ෂවල නියෝජිතයන් මෙම සාකච්ඡාවට සහභාගිවී තිබේ.

ඉකුත් පක්‍ෂවල නායකයන් මීට පෙරදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී, නව මැතිවරණ ක්‍රමයෙන් සුළු පක්‍ෂවලට ඇති විය හැකි බාධාවන් ගැන පැහැදිළි කර තිබුණි. එහිදී ඉදිරිපත් කළ යෝජනා අග්‍රාමාත්‍යවරයා විසින් පිළිගත් බවද පැවැසේ.

මෙවැනි තත්වයකදී එහි ප්‍රගතිය ගැන ඊයේ දින පැවැති හමුවේදී සාකච්ඡා කළ බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. විශේෂයෙන් පසුගියදා නිකුත් කළ සීමා නිර්ණ වාර්තාව සුළු පක්‍ෂවලට දැඩි අසාධාරණයක් ඇති වන අයුරින් තිබෙන බව පෙන්වාදී ඇති බවද හෙතෙම පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top