දයා මාස්ටර්ට ඇප ..

dayamaster_CIකොටි සංවිධාන හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට වේලායුදන් දයානිධි අද (15) දින ඇප මත මුදාහැර තිබේ.

රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ ලක්ෂය බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදහා හැරීමට නියෝග කළ වවුනියා මහාධිකරන විනිසුරු බාලෙන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතා ඔහුට උතුරු පළාතෙන්  පිටතට යාමද තහනම් කෙරිණි.

පසුගිය 10 වන දින රුපියල් ලක්ෂ 5 මුදල් ඇපයක්  හා රුපියල් ලක්ෂය බැගින් රාජ්‍ය නිලධාරීන් 4ක් ඇප දිය යුතු බවට නියම කළද ඇප කොන්දේසී සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම නිසා දයා මාස්ටර්වල යළි බන්‍ධනාගාර ගත කෙරුණි.

පසුගිය 2009 වර්ෂයේදී නීතිවිරෝධී ත්‍රස්ත සංවිධානයක මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කිරීම සහ අවසන් යුද සමයේදී සාමාන්‍ය වැසියන් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය බලහක්කාරයෙන් තබාගැනීමට සම්බන්ධවීම යන චෝදනා යටතේ දයා මාස්ටර්ට එරෙහිව ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top