ඌව වෙල්ලස්ස විරුවන් ජාතික විරුවන් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

1818 ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේදී ඉංග්‍රීසි පාලකයින් විසින් දේශ ද්‍රෝහීන් ලෙස නම් කළ විරුවන් 32 දෙනෙකු අද (01) යළි ත් ජාතික විරුවන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අද (01) පස්වරු 4.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී මෙය සිදු කිරීමට නියමිත ය.

1818 ඌව වෙල්ලස්ස අරගලයට සහභාගීවීමේ හේතුව මත මරණ දණ්ඩනය නියම කර මරණයට පත් කළ සහ රටින් පිටුවහල් කළ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කරන ගැසට් පත්‍රය ජනාධිපතිතුමන් විසින් මෙහිදී අත්සන් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top