කටකතා පතුරුවන්න එපා, මම හොඳින් ඉන්නවා – උතුරු පළාත් මහ ඇමැති

තමන් යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටින බවත්, බොරු කටකතා පතුරුවන්න එපා යැයි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසා තිබේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවී ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ඔහු නිවසට පැමිණ සිටියි.

මෙවැනි තත්වයකදී වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයක් සිදුකර ගැනීමට තමන් රෝහලට යෑමට සිදුවූ බවත්, තමන් යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටින බව ද හෙතෙම පවසා තිබේ.

තම සෞඛ්‍ය තත්වය ගැන මාධ්‍යවල පළ කර තිබූ තොරතුරු අසත්‍ය බවත් එවැනි කටකතා පළ නොකරන ලෙස ද මහ ඇමැතිවරයා වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top