SRILANKAN NEWS

ගල්කිස්ස උසාවි භූමියට ගිනි අවි ගෙනා සිද්ධියේ 20ක් අත්අඩංගුවට

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ දී ගිනි අවි සහ උණ්ඩ සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 16 දෙනෙකු සංවිධානාත්මකව පැමිණ ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ බෑගයක දමා තිබියදී පිස්තෝලයක්, රිවෝල්වරයක් ඇතුළු එම ගිනි අවි සඳහා යොදාගන්නා උණ්ඩ 10ක් ඊයේ(01) පෙරවරුවේ පොලීසිය විසින් සොයාගෙන තිබුණි. එහි ඇඟිලි සළකුණු දත්ත වාර්තා ලබා ගැනීමට එය අපරාධ වාර්තා කොට්ඨාසයට යොමු කර තිබේ.

රත්මලාන, වැටකෙයියාවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු එම පිරිස මෙහෙයවා ඇති බවත් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනී සඳහා පොලීසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.