සංහිඳියාව ඇති කිරීමට ක්‍රිමවේදයක් අවශ්‍යයි – රවූෆ් හකීම්

ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට ක්‍රිමවේදයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හා අමාත්‍ය රවූෆ් හකීම් මහතා පවසයි.

ඊයේ බදාදා දින කැනඩානු මහ කොමසාරිස් ෂෙල්ලි වයිරින් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිතයන් කණ්ඩායමක් මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයන්ව හමුවූ අවස්ථාවේ අමාත්‍යවරයා මෙ බව පවසා තිබේ.

යුද්දයෙන් පසු රටේ පවතින තත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, බලය බෙදීම, මැතිවරණ ක්‍රමය ගැනද එහිදී සාකච්ඡා කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top