මාධ්‍යවේදී කීත් නොයාර්යට පහරදුන් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්..

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ඊයේ (03) දිනයේ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත්‍ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා ඒ සදහා නොපැමිණීම හේතුවෙන් අදාළ පෙරට්ටුව ලබන 16 වනදා තෙක් කල්දමන ලෙස අධිකරණය නියෝග කරන ලදී.

ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය ලබා දුන් අතර ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර හමුදා සාමාජිකයින් තිදෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top