උතුරු පළාතේ සංවර්ධනයට නව සැළැස්මක් ඔස්සේ නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (04) දින පැවැති “ජනපතිට කියන්න” වැඩසටහනේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගිවෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
මෙම නව වැඩසටහන තුළින් උතුරේ ජනතාවගේ ගැටලූ සහ ප්‍රශ්න තමන් වෙත ඉදිරිපත් කිරීම තවදුරටත් පහසුවනු ඇති බව පැවසූ ජනාධිපතිතුමා රටක් ලෙස අප ඉදිරියට යා යුත්තේ සියලූ ජනතාවගේ ගැටලූ විස`දමින් එම සියලූදෙනා සමග අත්වැල් බැඳ ගනිමින් බවත්, තමා ඉදිරි මාස කිහිපය තුළ සෑම මසකම අදාළ මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිළධාරින් සමග උතුරට පැමිණ එම පළාත් මැති ඇමතිවරු සහ නිලධාරින් සමග පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබ`ද සොයා බලන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
රැකියා ඉල්ලා යාපනයේ උපාධිධාරින් පිරිසක් පසුගියදා නිරතවූ විරෝධතා ව්‍යාපාරය පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ එම විරෝධතා නොපවත්වා අද දින තමා හමුවූයේ නම් ඒ පිළිබඳ වඩාත් සතුටට පත්වන බව ද එහිදී වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment