SRILANKAN NEWS

දියර හෙරෝයින් ගෙනා පාකිස්තානුවෙක් අත්අඩංගුවට

දියකර රබර් කාපට්වලට ඇතුළු කර ගෙනෙන ලද රුපියල් කෝටි පහක අධික වටිනාකමකින් ඇති කිලෝ 05කුත් ග්‍රෑම් 500ක ප්‍රමාණයකින් යුත් හෙරෝයින් තොගක් පකිස්තාන ජාතිකයෙකු මෙරටට ගෙන ඒමට උත්සාහ දැරීමේදී කටුනායක මත් ද්‍රව්‍ය නාශක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරෝයින් මෙලෙස දියකර ලංකාවට රැගෙන ඒමේදී අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකරු දෝහා කටාර් සිට පියාසර කළ ගුවන් යානයකින් පැමිණ ඇති අතර ඔහුගේ බෑගයේ රබර් කාපට් ආධාරයෙන් මිශ්‍ර කර සැකසූ බෑගයක මෙම දියර හෙරොයින් රැගෙන විත් ඇතැයි මත්ද්‍රව්‍ය නාශක ඒකකය පවසයි.

ඊයේ (04) අළුයම 01.40ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් QR 668 දරණ ගුවන් යානයෙන් විදේශීය ජාතිකයා මෙරටට පැමිණ ඇත. මොහු පිළිබඳ සැකසිතූ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මොහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෙම තොගය හමු වී තිබේ.

සැකකරු 25 හැවිරිදි පාකිස්ථාන ජාතිකයෙකු වන අතර ඔහු රඳවාතබා ගෙන වැඩිදුර විමර්ශන සිදු කරයි.