නිවාඩු නොලබා සේවය හැරගිය හමුදා සාමාජිකයින් 1500 අත්අඩංගුවට

මේ වනවිට නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින (Absent Without Official Leave – AWOL) ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1500 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කොට ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක, යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

පසුගිය දෙසැම්බර් 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ වනවිට නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින යුධ හමුදා නිලධාරින් 3 ක් ඇතුළුව සෙසු නිලයින් 1149 ක්, නාවික හමුදා සාමාජිකයින් 327 ක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 21ක් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

 තවදුරටත් අදහස් දක්වමින් බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තම්නේතුව ඒකාබද්ධව නොකඩවා දිවයින පුරා එම පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරණ බවයි.

ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top