උතුර නැගෙනහිර හමුදාව වැඩි කරන්නැයි කරුණාගෙන් ඉල්ලීමක්..

උතුර – නැගෙනහිර ප්‍රදේශවල ආරක්‍ෂාවට යුද හමුදා සාමාජිකයන් වැඩි කළොත් හොඳයි. එසේම බුද්ධි අංශ සාමාජිකයන් ද ඒ ප්‍රදේශවලට වැඩි කරනවා නම් හොඳයි. මා මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටත් ලිඛිතව දැනුම් දුන්නා”යෑයි හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පවසයි.

උතුර නැගෙනහිර ආරක්‍ෂාව සම්බන්ධයෙන් දරන මතය කුමක්‌ දැයි විමසූ අවස්‌ථාවේ ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

උතුර – නැගෙනහිරට ආරක්‍ෂාවක්‌ තිබෙනවා. නමුත් මේ ප්‍රදේශවලට යුද හමුදා සාමාජිකයන්, බුද්ධි අංශ සාමාජිකයන් වැඩිකරනවා නම් හොඳයි. බුද්ධි අංශ සාමාජිකයන් ඉන්නේ මේ රජයෙන් දාපු අය. උතුර නැගෙනහිර පසුගිය යුද්ධ කාලයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයන් යළි යෙදෙව්වොත් හොඳයි. මොකද ඒ අය මේ ප්‍රදේශවල හැම දෙයක්‌ම දන්නවා.

පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 14,000 ක්‌ විතර උතුර නැගෙනහිර ඉන්නවා. ඒ අය මොනවද කරන්නේ කියා සොයා බැලීමත් රජයේ වගකීමක්‌. නැත්නම් ඔවුන් යළි සන්නද්ධ වෙලා මොන දෙයක්‌ කරයිද දන්නේ නැහැ. ඔවුන්ට විදේශ සම්බන්ධකම් තිබෙනවා. මම මේ ගැන රජයේ මැති ඇමැතිවරුන්ටත් කියලයි තියෙන්නේ. ත්‍රස්‌තවාදය නැති රටේ යළි එවැනි දේවල් වලට ඉඩ තබන්න එපා කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top