SRILANKAN NEWS

නීති විරෝධී ගිනි අවි ගැන පැමිණිළි කිරීමට දුරකථන අංක 02 ක්..

නීති විරෝධී ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සදහා දුරකථන අංක දෙකක් හදුන්වාදී ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පවසා සිටියි.

එ් අනුව 011-2326229 සහ 011-2459397 යන දුරකථන අංක අමතා නීති විරෝධී ගිනි අවි ළග තබාගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකි අතර පොලිස් මූලස්‌ථානයේ සංවිධානාත්මක අපරාධ කොට්‌ඨාසය විසින් මෙම දුරකථන අංක දෙක හදුන්වා දී ඇත.

අදාළ තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ පූර්ණ රහස්‍ය භාවය ආරක්‌ෂා කරන බවත් පැය 24 පුරාම මෙම තොරතුරු ලබාදිය හැකි බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.