SRILANKAN NEWS

ප‍්‍රතිවාදීන් ගෙන යන අසත්‍ය ප‍්‍රචාරවලට රැවටෙන්න එපා – ජනපති

රජය පිළිබඳව දේශපාලන ප‍්‍රතිවාදීන් ඇතැම් වෙබ් අඩවි සහ මාධ්‍ය ඔස්සේ ලෝකය පුරා විවිධ වැරදි ප‍්‍රචාරයන් ගෙන යන අතර එම අසත්‍ය ප‍්‍රචාරයන්ට නොරැවටෙන ලෙස තමා සියලූ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

ඉන්දුනීසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිතුමා ඊයේ   (06) පස්වරුවේ ඉන්දුනිසියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් සමග සුහද හමුවකට එක්වෙමින් මේ බව පවසා තිබේ.

රට තුළ ස්ථිර සාර සාමයක් ස්ථාපිත කරමින් නැවත යුද්ධයක් ඇති නොවන ලෙස සියලූ ජනතාව අතර සහෝදරත්වය සහ සහජීවනය ගොඩනැගීම වත්මන් රජයේ වැඩපිළිවෙල බවත්, අද ශී‍්‍ර ලංකාව සහ ශී‍්‍ර ලංකා රජයේ වැඩපිළිවෙළ මුළු ලෝකයේම පිළිගැනීමට ලක්ව ඇති අතර ඒ සියලූදෙනාගේ සහයෝගයෙන් රටේ සංවර්ධන වැඩපිළිවෙල  කඩිනම් කරන බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.