හෙරෝයින් කිලෝ 13ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

රුපියල් කෝටි 80ක් අධික වටිනාකමකින් යුත් “බ්‍රවුන් සුගර්” වර්ගයේ හෙරෝයින් කිලෝ 13කට ආසන්න ප්‍රමාණයක් සමග ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් ඊයේ (06) පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ග්‍රෑන්ඩ්පාස් – නාගලගම්වීදිය ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවටගෙන ඇති අතර මේ වනවිටත් ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන බව පොලීසිය සඳහන් කරයි.

මීට අමතරව අදාළ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමෙන් රුපියල් කෝටි 02ක පමණ මුදලක්ද සොයාගැනීමට හැකිවූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top