SRILANKAN NEWS

සුදූ සීනි සඳහා වූ පාලන මිල ඉවතට ?

ලෝක වෙළෙඳපළේ සුදු සීනි මිල ඉහළ යාම නිසා සීනි අානයනකරුවන් අාරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් සුදූ සීනි සඳහා පනවා තිබෙන පාලන මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසා සිටියි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ සුදු සීනි කිලෝ 1ක් සදහා මේ වන විට රුපියල් 93 ක පාලන මිලක් පනවා අැති නමුත් ලෝක වෙළෙඳපළේ සීනි මිල ඉහළයාම නිසා අදාළ පාලන මිලට වැඩියෙන් සීනි අලෙවි කරන බවත් මෙම තත්ත්වය නිසා සීනී ආනයනය සීමාවුවහොත් ඉදිරියේදී රටතුළ සීනි හිඟයක් ඇති වීමේ අවදානමක්ද පවතින බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අවධාරණය කර සිටියි.