‘2006-06-26 දින කිලිනොච්චියේ සිට කුඩත්තනයි ප්‍රදේශයට පැමිණීම සඳහා මුහමාලයි බස් රථයක නැග්ග මගේ පුතා අද වන තෙක් ගෙදර ආවේ නැහැ, මම සෑම කෝවිලකටම ගිහින් එනවා, සියළු දෙනාම කියන්නේ මගේ පුතා ජීවතුන් අතර ඉන්නවා කියලයි, පුතාව බලලා තමයි මම මේ ලොවෙන් යන්නේ‘ යැයි 60හැවිරිදි වඩිවේල් පුෂ්පරානි නැමැති මව කඳුලු සලමින් පැවැසීය.
කිලිවොච්චිය කන්දසුවාමි කෝවිල පරිශ්‍රයදී අද 18වන දිනටත් විරෝධතා ව්‍යාපාරයේ නිරතව සිටින බලහත්කාරයෙන් අතුරුදන්වූවන්ගේ ඥාතින්ගේ විරෝධතාවයට සහභාගිවූ වඩිවේල් පුෂ්පරානි තම පුතාගේ අතුරුදන්වීම ගැන මෙලෙස පවසා සිටියාය. එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ,
25-06-2006 දින මමයි පුතයි එවිට වයස 19යි කිලිනොච්චිය උදය නගර් ප්‍රදේශයේ ඥාතියකුගේ විවාහ උත්සවයකට පැමිණියා, එදින සවස මම යළි යාපනය කුඩත්තනයි පිහිටි අපේ ගෙදරට ආවා. මම යන විට අම්මා ඔයා යන්න මම හෙට (26) ගෙදර එන්නම් බය වෙන්න එපා යැයි පවසා සිටියා.. නමුත් පුතා කියපු ඒ හෙට දිනය වෙනුවෙන් මම අද වන තෙක් බලා සිටිනවා, තවඳුරටත් බලාගෙන ඉන්නවා.. පුතා එයි ඔහු ජීවතුන් අතර තමයි ඉන්නේ යැයි හැඩු කඳුලින් යුතුව පවසා සිටියාය..
Add Comment