SRILANKAN NEWS

ශ්‍රී ලංකාව ගැන එ.ජා. සංවිධානය වැඩි අවධානයක් යොමු කළ යුතුයි – ගෝලීය දෙමළ සංසඳය

ශ්‍රී ලංකාව කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි අවධානයක් යොමු කළ යුතු බව ගෝලීය දෙමළ සංසඳය ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කළ වාර්තාව අගය කළ යුතු බව ද පෙන්වාදී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මානව හිමිකම් ක්‍රමවේදය සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රායෝගික සම්බන්‍ධකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ගන්නා උත්සහය ද අගය කරන බව පවසා තිබේ.

කෙසේ නමුත් සංක‍්‍රාන්තික යුක්ති ක‍්‍රියාවලිය කණගාටුදායක අයුරින් මන්දගාමීව සිදුවන බවත්, සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය සහ සංහිඳියාව පිළිබඳව ශ්‍රී ලංකා රජය පාර්ශවයන් එකම ස්ථාවරයක සිටිය යුතු යැයි ගෝලීය දෙමළ සංසඳය වැඩිදුරටත් පෙන්වාදී තිබේ.