කච්චතිව් ශාන්ත අන්තෝනි දේව මංගල්‍ය අද

කච්චතිව් දුපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය අද දින ආරම්භ වේ. මංගල්‍යයට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කර තිබේ.

මෙවර කච්චතිව් ශාන්ත අන්තෝනි දේව මංගල්‍ය සඳහා ශ්‍රී ලාංකික සහ ඉන්දීය බැතිමතුන් 9000 ක පමණ පිරිසක් සහභාගීවනු ඇති බවට විශ්වාසය පළ කරන අතර ඔවුන්ට අවශ්‍ය ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලු කටයුතු සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසා තිබේ.

ශාන්ත අන්තෝනි දේව මංගල්‍ය උත්සවය අද සහ හෙට දින පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top