ගුවන් හමුදා පරිහරනය කළ රම්බකුලම් ක්‍රිඩාංගණය නිදහස් කරයි

news_CIවවුනියාව ගුවන් හමුදා කදවුර විසින් මෙතෙක් පරිහරනය කළ ඉඩමක් නැවත ලබාදිමට තිරණය කර තිබේ.

වව්නියාව ගුවන් හමුදා කඳවුර පිහිටා තිබෙන  වව්නියාව රම්බකුලම් විද්‍යාලයට අයත්ව තිබූ ක්‍රීඩාංගණය ඇතුළු ප්‍රදේශය නිදහස් කිරීමට මෙලෙස ආරක්‍ෂක අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තාවේ.

ගුවන් හමුදාව විසින් අත් පත් කර ගෙන තිබූ එම ක්‍රීඩාංගනය ඇතුළු ඉඩම රම්බකුලම් විදුහලේ ක්‍රීඩාංගණය වශයෙන් වැඩිදියුණු කර පරිහරණය කිරීමට විදුහල වෙත පවරන බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

වව්නියාව රම්බකුලම් බාලිකා විද්‍යාලයේ විදුහල්පති විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

1986 වසරේ සිට මෙම ඉඩම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත්පත් කරගෙන සිටි බව පැවැසේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top