SRILANKAN NEWS

ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහභාගිත්වය ගැන වූ තීරණය රජය සතුයි – මනෝ ගනේෂන්

මානව හිමිකම් පිළිබඳ පරික්‍ෂණවලදී ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහභාගිත්වය ගැන අවසන් තීරණය ගත යුත්තේ රජය බව ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ග්‍රෑන්ඩ්පාස් – ජේතවනාරාම විහාරස්ථානයේ අද (12) දින පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් හෙතෙම මේ බව පවසා තිබේ.

දෙමළ ජාතික සන්ධානය ඇතුළු සංවිධාන සියල්ල කෙතරම් බලපෑම් සිදු කළත් මානව හිමිකම් පිළිබඳ චෝදනා විමර්ශණය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුන් සහභාගි කර ගැනීම සම්බන්‍ධයෙන් අවසන් තීරණය ගන්නේ රජය බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.