සුදු සීනි – කුකුළු මස් පාලන මිල ඉවතට

සුදු සීනි සඳහා සහ සම සහිත කුකුළු මස් කිලෝවක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙතෙක් සුදු සීනි සඳහා පනවා තිබූ 93ක පාලන මිල, සම සහිත කුකුළු මස් කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 410ක පාලන මිල සහ සම රහිත කුකුළු මස් කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 490ක් පාලන මිල ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව රුපියල් 150 ඉක්මවා යෑම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top