බංගලාදේශ – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද – බංග්ලාදේශයට මෙය 100වැනි ටෙස්ට් තරගයයි,

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (15) පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී මේ වන විට අාරම්භ වී අැත.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කර අැති අතර 1-0 ක් ලෙස මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටියි.

මෙය බංග්ලාදේශ කණ්ඩායම සහභාගීවන 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයවීම විශේෂත්වයකි. 2000 වසරේදී ටෙස්ට් වරම් දිනාගැනීමෙන් පසුව බංගලදේශ කණ්ඩායම ක්‍රීඩා කර ඇති තරග 99 න් ජයගැනීමට සමත්ව ඇත්තේ, තරග 8 ක් පමණි. එයින් තරග 76 ක් පරාජය වී ඇති අතර, තරග 15 ක් ජයපරාජයෙන් තොරව අවසන් වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top