ශ්‍රී ලාංකිකයන් 24ක් ඔස්ට්‍රෙලියාවෙන් පිටුවහල් කරයි..

නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රෙලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු එරටින් පිටුවහල් කර තිබේ. විශේෂ ගුවන් යානයකින් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට පැමිණි ඔවුන්ගෙන් අපරාධ විමර්ශණ අංශය විභාග කරමින් සිටින බව පැවැසේ.

යාපනය, මුල්ලතිව්, සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවල පදිංචි ඔවුන් 2016 වසරේ බෝට්ටු මඟින් ඔස්ට්‍රෙලියාවට ගොස් ඇති බව පැවැසේ. රැඳවුම් කඳවුරක රඳවා සිටි ඔවුන්ව මෙලෙස රටින් පිටුවහල් කිරීමට ඔස්ට්‍රෙලියානු රජය පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top