SRILANKAN NEWS

ජගත් ජයසූරිය ජෝසෆ් කඳවුරු නමින් වදකාගාරයක් පවත්වා තිබෙනවා –

ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපති ජගත් ජයසූරිය වදකාගාරයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ලවී තිබේ. යුද්දය අවසන් වූ කාල සමයේ හමුදා කඳවුරකදී වදකාගාරයක් පවත්වාගෙන ගිය බවට චෝදනා කර තිබේ. ජගත් ජයසූරිය මහතා වන්නි දිස්ත්‍රික්ක හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී මෙලෙස වදකාගාරයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ලවී තිබේ.

2007 සිට 2009 දක්වා වූ කාලය තුළ ජෝසෆ් කඳවුර නමින් එම වදකාගාරය පවත්වාගෙන ගොස් ඇති බවත්, මෙම චෝදනාව ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර සත්‍යය හා ඒකාග්‍රතාවය පිළිබඳ සංවිධානය, මෙම වදකාගාරයේදී දිනපතා වදහිංසා සිඳුවූ බව තමන් නොදන්නා බවට ජගත් ජයසූරිය මහතාට පැවැසීමට නොහැකි බවද පවසා තිබේ.

එහිදී ඉතා අමානුෂිය ලෙස සිරකරුවන් වදහිංසාවට ලක්කර ඇති බවට ජාත්‍යන්තර සත්‍යය හා ඒකාග්‍රතාවය පිළිබඳ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක යාස්මින් සූකා මහත්මිය පවසා තිබේ.