SRILANKAN NEWS

සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය ශක්තිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි – රිටා ඉෂාක්

සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය ශක්තිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව සුළුතර ජන කොටස්වල ගැටළු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රීටා ඉසාක් මහත්මිය පවසා තිබේ. තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කර මාස පහක් අවසන්වී ඇති බවද ඇය පවසා තිබේ.

රටේ සුළු ජාතීන්ව ආරක්‍ෂා කර ගැනීම සඳහා වූ සැබෑ අභිලාෂයන් රජය එළිදැක්විය යුතු බව ඇය අවධාරණය කර තිබේ. අතුරුදන්වූවන්ගේ කටයුත්ත, ඉඩම් නිදහස, අත්අඩංගුවට ගැනීම්, සිවිල් කටයුතුවලින් හමුදාව මුළුමනින්ම ඉවත්වීම ඇතුළු කරුණු රැසක් කෙරෙහි රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බව පවසා තිබේ.

ජාති භේදය මැඩපැවැත්වීම පමණක් නොව යහපාලනය පිහිටුවීමට ද සුළු ජාතින්ගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතු යැයි ඇය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.