SRILANKAN NEWS

මහ බැංකුවේ සේවකයන් 500 දෙනෙකුව අර්ජුන් මහේන්ද්‍රන් මාරු කර ඇත..

මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කිරීමෙන් පසුව ඒ පිළිබඳ තොරතුර හෙළිදරව් වීම වැලැක්වීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුව තුළ සිදු කරනු ලැබූ වැඩ ගැන තොරතුරු  මේ වනවිට හෙළිදරව් වෙමින් පවතී.

මෙතෙක් මහ බැංකු ඉතිහාසයේ සිදු නොකළ ආකාරයට සියලුම දෙපාර්තමේන්තුවල ප්‍රධානින්ට ස්ථාන මාරුවීම් ලබා දීමට අර්ජුන මහේන්ද්‍රන් කටයුතු කර ඇති බව හෙළිවේ.

ඊයේ (16) බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ  ලේකම්  එච්.ඒ.කරුණාරත්න මහතා හෙළි කර සිටියේ ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පත්ව පැමිණී වර්ෂය තුළ මහ බැංකු නිලධාරීන් හා අංශ ප‍්‍රධානීන් 500 කට වඩා වැඩි පිරිසක් මාරූ කළේ යැයිද  මහ බැංකු ඉතිහාසයේ කවරදාකවත් බැංකු නිලධාරීන් හා අංශ ප‍්‍රධානීන් මේ අයුරින් ස්ථාන මාරුවීම් ලබා දී නොමැති බවයි.

කොමිසම හමුවේ ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් ප්‍රකාශ කර සිටියේ මේ තත්වය හමුවේ මහ බැංකුවේ නිලධාරීන් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇති වූ බවත් 2015 වසර තුළදී මහා බැංකුවේ අංශ 30 සේවය කළ නිලධාරීන් 34 දෙනෙකු ස්ථාන මාරූවීම් ලබා දුන් බවයි. එහිදී ඉතා වැදගත් දෙපාර්තමේන්තු වන බැංකු අධීක්‍ෂණ දෙපාර්තමෙන්තුව, බැංකු නොවන අධීක්‍ෂණ දෙපාර්තමෙන්තුව, අභ්‍යයන්තර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව, ආර්ථික පර්යේෂණ දෙපාර්තමෙන්තුව, තොරතුරු තාක්‍ෂණ දෙපාර්තමේන්තුව, අභ්‍යයන්තර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව, රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුව යන දෙපාර්තමේන්තුවලද ප්‍රධානීන්ට ස්ථාන මාරු වීම ලබා දුන් බවයි.

මානව සම්පත් අංශය හා මහ බැංකු අධිපතිවරයාගේ එකඟතාවය මත දෙපාර්තමේන්තු ප්‍රධානීන්  පත් කිරීම සිදු කරන බවත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් මාරු කිරීම සිදු කරනු ලබන්නේ මහා බැංකු අධිපතිවරයා මහා බැංකුවේ සහකාර හා නියෝජ්‍ය අධිපතිවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව වුවත් බැඳුම්කර නිකුතුවට සෘජුව සම්බන්ධ වන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ ධම්මික නානායක්කාර මහතා ඉන් ඉවත් කොට සෙනවිරත්න මහත්මිය පත් කොට තිබෙන්නේ මූල්‍ය මණ්ඩයල හෝ මහ බැංකුවේ සහකාර හා නියෝජ්‍ය අධිපතිවරුන්ගෙන් අනුමැතියක් නොමැතිව බවයි.

අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්වූ 2015 ජනවාරි 15 වැනි දිනෙන් පසුව පෙබරවාරි 09 වැනි දින දෙපාර්තමේන්තු ප්‍රධානීන් 14දෙනෙකු මාරු කර ඇති අතර 2015 පෙබරවාරි මාසයෙන් පසුව දෙපාර්තමේන්තු ප්‍රධානීන් 20 දෙනෙකු මාරු කර තිබේ. අර්ජුන මහේන්ද්‍රන් කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කරනු ලැබුවේ 2015 පෙබරවාරි 27 සිදු කළ බැඳුම්කර නිකුතුව මගිනි.