කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට..

පසුගියදා කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවෙකුට නවාතැන් ලබාදීමේ චෝදනා මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ.

මෙසේ අත්ඩංගුවට ගෙන අැති සැකකාර කාන්තාව ගාල්ල වලහන්දුව ප්‍රදේශයේ පදිංචි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටියි.

ඊට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් ඔත්තු බැලු බවට සැක කරමින් පානදුර පිංවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ද ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (16) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගන්නා ලදී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 5ක් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවමින් සිටින පොලිස් අාරංචි මාර්ග වැඩිදුටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top