ඔට්ටුසුට්ටාන් ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු මරුට

ඊයේ (17) දින ඔට්ටුසුට්ටාන් ප්‍රදේශයේ සිඳුවූ අනතුරකින් හිටපු කොටි සාමාජිකයකු මිය ගොස් තිබේ. යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ට්‍රපර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ. අනතුරෙන් හිටපු කොටි සාමාජිකයෙකු වන කුමාරසාමි නන්දගෝපාල් (නන්දන්) නැමැත්තා සහ ඔහුගේ පුතා ද තුවාල ලබා මුල්ලතිව් රෝහලට ඇතුලත් කර තිබේ. වැඩිදුර ප්‍රතිකාර සඳහා කුමාරසාමි නන්දගෝපාල්ව අනුරාධපුරය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එහිදී ඔහු මියගොස් තිබේ.

අනතුර සම්බන්‍ධයෙන් මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top