හිටපු කොටි සාමාජිකයන්ට ඇමරිකානු වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබාදීමට සූදානම්

CV.Vigneswaran_CIහිටපු කොටි සාමාජිකයන්ට වෛද්‍ය පරික්‍ෂණ සිදු කිරීමට ඇමරිකාවේ හමුදා වෛද්‍යවරුන් කණ්ඩායම සූදානම් බව උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේශ්වරන් මහතා පවසා තිබේ.

ඊයේ දින පැවැති උතුරු පළාත් සභාවේ මාසික සැසිවාරයදී ඒ මහතා මේ බව පවසා තිබේ.

උතුරේ සංචාරයක නිරතව සිටින ඇමරිකානු වෛද්‍යවරුන් කණ්ඩායම හිටපු කොටි සාමාජිකයන්ව ද වෛද්‍ය පරීක්‍ෂණයට ලක්කළ යුතු යැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අත්තුල් කෙෂාප් මහතාගෙන් තමන් ඉල්ලා සිටි බවත්, එම ඉල්ලීමට අනුව හිටපු කොටි සාමාජිකයන් ඇමරිකානු වෛද්‍ය කණ්ඩායම විසින් පවත්වන වෛද්‍ය කඳවුරට ගොස් වෛද්‍ය පරීක්‍ෂණය ලබාගත හැකි බව ද හෙතෙම පවසා තිබේ.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ,

එල්.ටී.ටී.ඊයේ පුනරුත්ථාපනය වූ සාමාජිකයින්ගේ සිරුරුවලට විෂ එන්නත් කර ඇතිදැයි සෙවීමට ජාත්‍යන්තර වශයෙන් මැදිහත්වීමක් අනවශ්‍ය බවත්, විදෙස් වෛද්‍යවරුන් ගෙන ඒමට පෙර උතුරේ වෛද්‍යවරුන්ටම ඒ ගැන පරික්ෂා කළ හැකි බවත්, රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top