යාපනයේ කඩු ප්‍රහාරවලට සම්බන්‍ධ තිදෙනෙකු කොටහේන ප්‍රදේශයෙන් අත්අඩංගුවට

උතුරු පළාතේ කි‍්‍රයාත්මක ආවා කල්ලියට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දනන්චයන්, භාරත් සහ වික්‍රම් නැමැති තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. යාපනයේ මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ මෙම තිදෙනා කොළඹ කොටහේන ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වූ පුද්ගලයන්ව ඊයේ සෙනසුරාදා දින යාපනය පොලිසියට ගෙනවිත් තිබෙන අතර, විමර්ශණවලින් අනතුරුව ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top