තම පාරම්පරික ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා කේප්පාපිලවු ජනතාව විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින අතර, උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා අද දින කේප්පාපිලවු ප්‍රදේශයේ සංචාරයක නිරතවූහ. මවක් උදුරාගෙන වෙනත් කාන්තාවක් ලබා දෙන්නම්, ඇයව මවක් ලෙස තියාගන්න යැයි පැවැසීම පිළිගත නොහැකි මෙන් ඔබලාගේ ඉඩම් උදුරාගෙන වෙනත් ඉඩම් ලබාදීමට නොහැකි බව උතුරු පළාත් මහ ඇමැතිවරයා පවසා තිබේ.
තවද ඔබලාගේ විරෝධතාවය සාධාරණීය අරගලයක් බවත්, ප්රචණ්ඩත්වයකින් තොර බලපෑමකින් අරමුණට ළඟාවිය යුතු බවත්, ජනතාවට දිගින් දිගටම විරෝධතා පැවැත්වීමට සිදුව ඇති බවද පවසා තිබේ.
රජයට හමුදාව ඉවත් කිරීමේ අදහසක් නැහැ, ඉඩම් නැවැත ලබා ගැනීමට නම් විරෝධතා පැවැත්වීමට සිදුවි තිබෙන අතර, ජනතා නියෝජිතයකු වශයෙන් මේ සම්බන්ධයෙන් සියළු පාර්ශවයන් සමඟ සාකච්ඡා කරන බවද හෙතෙම පවසා තිබේ.
Add Comment