විමල් වීරවංශ යළි රක්ෂිත බන්ධනාගාරයට

රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 3 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු නිවාස ඇමැති විමල් වීරවංස මහතා රජයේ වාහන 40ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංස මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව ඔහු අද (20) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.

මේ අතර විමල් වීරවංශ මහතා විසින් තමාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති ප්‍රතිශෝධන අයදුම්පත හෙට කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top