යාපනය බන්ධනාගාරයේ සිරකරුවෙක් පළා යයි

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ජාතිකයෙකු බන්ධනාගාර අත්අඩංගුවෙන් මිදී පළාගොස් තිබේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් මිදී ඔහු පළාගොස් ඇතැයි රෝහල් පොලීසිය පවසයි.

වීසා නොමැතිව නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් යාපනයේ වෙළෙදාමේ නිරතව සිටියදී අදාළ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි ඇත.

සැකකරු පළායාම සම්බන්‍ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top