SRILANKAN NEWS

ශ්‍රී ලංකා ගැන විමර්ශණය කිරීමට බාහිර පාර්ශවයක් අවශ්‍ය නැහැ

මෙරටට එරෙහි ජිනීවා යෝජනා සම්බන්ධව විමර්ශන සඳහා කිසිදු බාහිර පාර්ශවයක් අවශ්‍ය නොවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වීරකැටිය, වලස්මුල්ල ,නයිගල පූරාණ රජමහ විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ ඇතැම් කරුණු පිළිගත හැකි වුවද ඇතැම් කරුණුවලට එකඟවිය නොහැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.