චීන ආරක්ෂක ඇමති දිවයිනට

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල් Chang Wanquan මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති බව වාර්තාවේ.

චීන ආරක්ෂක අමාත්‍යවරයා සමඟ 21 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් දින 03ක් මෙරට රැදී සිටීමට නියමිත අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා ඇතුළු මෙරට මැති ඇමතිවරුන් සහ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තාවේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ආරක්ෂක සබඳතා සහ කලාපිය ආරක්ෂක තත්ත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top