විමල් යළි ඇප ඉල්ලීමට තීරණය කරයි.

මේ වනවිට බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කරඇති විමල් වීරවංස මහතා, තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිය නීතීඥයින් මාර්ගයෙන් අද (23) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුපතක් ගොනු කිරීමට නියමිත බව වාර්තාවේ.

මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ කොළඹ මහාධිකරණයෙන් ඇප ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඊයේ දින සිට ඔහු බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්‍ධයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසා සිටියේ, විමල් වීරවංශ මන්ත්‍රීවරයා දේශපාලන සිරකරුවෙක් වී ඇති බවත්, ඔහුට ඇප ලබාගැනීම සම්බන්ධයෙන් යළි අධිකණ ක්‍රියාමාර්ගයකට යොමු වන බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top