කොළඹ බාලිකා පාසල්වලට පොලිස් ආරක්‍ෂාව

පාසැල් ක්‍රිකට්‌ තරග හේතුවෙන් බාලක පාසැල් වල සිසුන් බාලිකා විදුහල්වලට කඩා වැදීමේ ප්‍රවණතාවයක්‌ ඇතිවී තිබෙන බැවින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි සියළු බාලිකා පාසල් සදහා පොලිස්‌ ආරක්‌ෂාව ලබා දීමට තීරණය කර අැති බව පොලිස්‌ මූලස්‌ථානය සදහන් කරයි.

අද (23) සිට අාදළ තීරණය ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව නිල ඇඳුමින් හා සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස්‌ නිලධාරීන් එම බාලිකා පාසල් අවට රාජකාරියේ යොදවා අැති බවත් පොලිස්‌ මූලස්‌ථානය වැඩිදුරටත් පවසා සිටියි.

පෙරේදා (21) කොල්ලුපිටිය මහානාම විද්‍යාලයේ සිසුන් පිරිසක්‌ බොරැල්ල යශෝධරා බාලිකා විද්‍යාලයට අනවසරයෙන් ඇතුළු වීමේ සිද්ධිය මෙම තීරණයට අාසන්නතම හේතුව වී අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top