විල්පත්තුව අවට රක්‍ෂිත වනාන්තර 4ක් අලුතින් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලූම රක්ෂිත වනාන්තර එකතු කොට තනි සංරක්ෂිත වනාන්තරයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් රුසියාවේ මොස්කව් නුවර දී ඊයේ (24) අත්සන් තබා ඇත.

ඒ අනුව විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු මාවිල්ලූ, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල එකතුකොට වන සංරක්ෂණ ආඥාපනතේ ”3 අ ”වගන්තිය යටතේ මාවිල්ලූ සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත.

ප‍්‍රකාශිත සංරක්ෂිත වනාන්තරයේ මායිම් වෙනස් කිරීමක් සිදු කළ යුතු වන්නේ නම් එය කළ හැක්කේ විෂයභාර අමාත්‍යවරයාගේ නියමයක්, ජනාධිපතිවරයා අනුමත කර පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීමෙන් පසුවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top