ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දැමීමේ සිද්ධියට සැකපිට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයන් තිදෙනාම අප්‍රේල් 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය ඊයේ (24) නියෝගය කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමට අනුව එහි පෙනී සිටි අදාළ නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.